FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක් – දුලාන් දසනායක

2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු කර ගනිමින් රජය විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හේතුකොට ගෙනය. මෙම පනත් කෙටුම්පත තුල විශ්‍රාම වැටුප් අරමුදලක් පිළිබඳව සදහන් වූවත් මෙහි අරමුණ පෞද්ගලික අංශයේ සේවකයන්ගේද මුදල් වලින් සැකසුණු සේවක අර්ථ සාධක අරමුදල කොල්කෑම බවයි සේවක වෘත්තීය සමිති වල අදහස වූයේ. එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් සහිතව සිටි රජයක් වූ…

Read More

වැලිගම වරාය සේවකයාගේ මරණය අභිරහසක්

වැලිගම වරාය සේවකයාගේ මරණය අභිරහසක්

පසුගිය මැයි 17 වන දින රාත්‍රියේ දී වැලිගම නගරයේ දී රථවාහන අනතුරක් හේතුවෙන් මිය ගිය බවට පොලීසිය විසින් පැවසු හතලිස් නම හැවිරිදි සුසිල් ඉන්ද්‍රජිත් නැමති වරාය සේවකයාගේ මරණය සම්බන්ධව නිකුත් වී ඇති CCTV දර්ශණ හේතුවෙන් මෙම මරණය පිටුපස යම් කිසි අභිරහසක් ඇති බවට සනාථවෙමින් තිබේ. කොග්ගල යුනිචෙලා නැමති ආයතනයේ සේවය කරන මේ පුද්ගලයාගේ දියණියට කොරෝනා වැලදී ඇති බවට සැලවීම නිසා පසුගිය මැයි 12 වන දා සිට මෙම නිවස හදිසියේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුරකතනයෙන් සිදු කළ දැනුම්දීම මත ඔවුන් ස්වේච්ඡාවෙන්ම ස්වයං නිරෝධායනය වී ඇති නමුත්…

Read More

අත්අඩංගුවේ ඝාතන ‘පොලිස්පති මනුෂ්‍ය ඝාතනවලට අනුබල දීමක්’

අත් අඩංගුවේ ඝාතන 'පොලිස්පති මනුෂ්‍ය ඝාතනවලට අනුබල දීමක්'

නිලයේ වගකීම පැහැරහරිමින් මනුෂ්‍ය ඝාතනයක් සදහා ආධාර අනුබල ලබාදුන් බවට ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම් සභාව හමුවේ චෝදනාවට ලක්ව සිටී. රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත්, එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා ඝාතනය කර තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි. දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම නිසා බියට පත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර…

Read More

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!

රටක නීතියේ පාලනය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා ස්ථාපිත ප්‍රධානතම ආයතනය පොලීසියයි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමද පුද්ගල නිදහස සමාජය තුළ ස්ථාපනය කර පවත්වාගෙන යාමද පොලීසියේ ප්‍රධාන කාර්‍යයන් ය. එහෙත් එවන් අරමුණකින් ක්‍රියාත්මක වියයුතු පොලීසිය තුළින්ද නිතර නිතර මිනිසුන් වධහිංසාවන්ට පාත්‍ර කිරීම් ද ඝාතනයන් ද වාර්තා වෙයි. වැටත් නියරත් ගොයන් කානම් කාට කියන්න ද ඒ දුක කියා නොසිට මෙම පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳව අප අපගේ හඬ අවධිකළ යුතුය. පුරවැසියාට තවතවත් ලංවූ පොලීසියක් හදාගැනීමට මෙම සංවාදය සහ අපගේ හඬ අවධි කිරීම අත්‍යාවශ්‍යය. පොලිසිය විසින් සිදුකරන නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම…

Read More

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!

කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය කරනු ලැබූ ලසන්ත ජගත් කුමාරට යුක්තිය ඉටුකරගැනීම අරඹයා මෙම නඩුව තවමත් ඇසෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ ප්‍රධාන චූදිතයා කවුද? ඔහු එවක පයියාගල පොලීසියේ අපරාධ අංශය භාරව සිටි ස්ථානාධිපතිවරයා ය. නම වල්පොලගෙදර ප්‍රසන්න වික්‍රමරත්න. 2000 අවුරුද්දේ ජුනි 12 වැනිදා ප්‍රසන්න වික්‍රමරත්න ප්‍රමුඛ පයියාගල පොලිස් කණ්ඩායම ලසන්තව අත්අඩංගුවට ගන්නේ ඔහු හමුදාවෙන් පැන ආ පුද්ගලයෙක් යැයි කියමින් ය.…

Read More