මුල්කන්දගේ ලසන්ත ජගත් කුමාර වදහිංසා නඩුව එච්.සී.570/13

2000.06.12 හා 2000.06.17 වන දින අතර කාලයේ කලුතර අධිකරණ බල සීමාව ඇතුලේ පැමිණිල්ල නොදත් ලසන්ත ජගත් කුමාර යන අයව චූදිත වල්පොල ගෙදර ප්‍රසන්න වික්‍රමරත්න යන අය මොහුව අයුතු ලෙස සිරකර තැබීම හා මොහුගේ මරණය සිදුකිරීම නිසා දණ්ඩ නීති සංග්‍රහයට අනුව විශාල වරදක් සිදුකර ඇත. නමුත් මෙම විත්තිකාරයා 2018 වනතෙක් පැවති නඩුවාර කිසිදු එකකට පෙනී සිටියේ නැත. එනම් ඔහු අතුරුදන් වි ඇත.එම නිසා ප්‍රමාණවත් සාක්ෂි මදිකමක් පවතී. මේ හේතුවෙන් මෙම නඩුව විභාග කිරීම මහාධිකරණයට පවරා ඇත. මුල්කන්දගේ ලසන්ත ජගත් කුමාර වධහිංසා නඩුව

Read More

කමල් ප්‍රියන්ත වදහිංසා නඩුව එච්.සී.බී. 1242/2009

2008 ජූනි මස 7 වන දින හෝ ඊට ආසන්න දිනයකදී බලපිටිය ප්‍රදේශයේ බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු කමල් ප්‍රියන්ත යන අය හට ඒ සම්බන්ධව තොරතුරු ලබාගැනීමට චූදිතයින් වන සමන් පාලිත අතුකෝරාල, ජයරත්න අප්පුහාමි, ඩිලාන් වික්‍රම ඉන්දික ද සිල්වා යන අය විසින් මොහුව බිය ගන්වා වධ දුන් බැවින් 1994 අංක 22 දරණ සම්මුතියේ වගන්ති වලට ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇත. මේ අනුව කමල් ප්‍රියන්ත යන අය පවසන්නේ තමන්ට මෙම චූදිතයින් අතින් හා පයින් ද පහර දුන් බවයි. ඉන්පසුව තුවක්කුවක බද කොටසින්ද පහරදුන් බවයි, එම පහර දීම නිසා මොහුගේ වම් ඇහැට…

Read More

රෝහිත උපාසක වදහිංසා නඩුව එච්.සී.183/2007

වර්ෂ 2005ක් වූ ජූලි මස 25 වන දින හෝ ඊට ආසන්න දිනකදී වත්තේගම නගරයේ තමන්ව අත්තඩංගුවට ගැනීමට විරුද්ධ වූ රෝහිත උපාසක නැමති තැනැත්තාව චූදිතයින් වන නිහාල් රාජපක්ශ හා බාලසූරිය යන අය මොහුව බියගන්වා වද දුන් බැවින් ඔවුන් 1994 අංක 22 සම්මුතියේ වගන්ති අනුව වැරැද්දක් කර ඇත. මෙම චූදිතයින් සිවිල් ඇදුමෙන් පැමින මොහුව අත්තඩංගුවට ගන්නා අවස්තාවේදී ද යකඩ පොල්ලකින් පහර දී ඇත. එහිදී මෙම රෝහිත නැමති පුද්ගලයා තාමගේ කකුල කැඩී තිබෙන්නේ එම නිසා පහර නොදෙන්න යැයි කීවත් ඔවුන් එය නොසලකා හැර ඇත. ඉන්පසු මොහුව පොලීසියට ගෙන ගොස් ද පහර දී අත.…

Read More

වෙදගෙදර බන්දුල පද්මකුමාර වදහිංසා නඩුව එච්. සී. 326/2006

2003 වර්ෂයේ ජූනි මස 20 හා 21 වන දින අතර වූ සොරකමක් නිසා මෙම තැනැත්තාගෙන් තොරතුරු ලබාගැනීමට මහදුර වසන්ත ශ්‍රී උවින්ද, විජයකෝන් මුදියන්සේලාගේ සෙනවිරත්න බණ්ඩා,නැකැත් ගෙදර ප්‍රේමසිරි හා කුඩාකුමාර මද්දුමගේ නන්දසේන යන චූදිතයින් විසින් වද දුන් බැවින් 1994 අංක 22 දරන වද හිංසාවට එරෙහි සම්මුතියේ වගන්ති කඩකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් අධිචෝදනා ලබා සිටී. මෙම බන්දුල පද්මකුමාර යන තැනැත්තාව කලුවර කාමරයක දමා හිංසාවට ලක් කෙරූ බව පවසා ඇත. එමෙන්ම චූදිතයින් විසින් මොහුට කුරිරු ලෙස පහර දීම වලට ද ලක්කර ඇති බව වින්දිත පුද්ගලයා සදහන් කර ඇත.එනම් ඔහුට…

Read More

ගිනිමැලගේ දයාරත්න වදහිංසා නඩුව 1966/2005

ගිනිමැලගේ දයාරත්න යන අය විසින් මහජනතාවට අප්‍රසන්න ලෙස බීමත්ව හැසිරීම නිසා චූදිතයින් වන සමන් පත්ම කුමාර හා හේමන්ත දිසනායක යන අයවලුන් මෙම දයාරත්න යන පුද්ගලයාව සැකපිට අත්තඩංගුවට ගෙන තොරතුරු ලබා ගැනීමට කුරිරු හිංසාවලට ලක්කර ඇත. පසුව නඩුව කැදවන අවස්ථාවේ ගිනිමැලගේ දයාරත්න යන අය මියගිය සිටි නිසා මේ සිද්දිය පිලිබදව නිවැරදි තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය. ඒ හේතුවෙන් චූදිතයින්ට එරෙහිව නගා ඇති චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නොහැකි නිසා චූදිතයින් නිදොස්කොට නිදහස් කර ඇත. ගිනිමැලගේ දයාරත්න නඩුව

Read More

ධනපාල පෙරේරා වදහිංසා නඩුව එච්.සී. 375/04

2001 වර්ෂයේ සැප්තැම්බර් මස 15 වන දින හා ඊට ආසන්න දිනයකදී කලුතර ප්‍රදේශයේ දී සිදුවූ මිනීමැරුමකට පැමිණිල්ල නොදත් සැක පිට අත්තඩංගුවට ගත් වෙඩිප්පුලි ආරච්චිගේ ධනපාල පෙරේරා යන අයට චූදිතයින් වන චමින්ද පද්මකුමාර, දුල්ලසේන ගුණතිලක, මුදුන්කොත් ගෙදර විජේදාස, යන අයවලුන් විසින් සැක කෙරෙන එකී ක්‍රියාව සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට එකී තැනැත්තාව බියගන්වා වදදුන් බැවින් 1994 අංක 22 දරණ සම්මුතියේ 2 වන වගන්තිය යටතේදඩුවම් ලබිය හැකි වරදක් සිදුකල බවයි. මෙම ධනපාල පෙරේරා යන අයට මෙම චූදිතයින් පැය 3ක් 4ක් වැනි කාලයක් එක්දිගට පහරදුන් බව පවසයි ඉන්පසුව මොහුව මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කල මොහොතේ මේ…

Read More

KARUNATHILAKE VS LIY A N A G E , IN SP EC TO R OF P O LIC E (CR IM ES), G A M P A H A AN D OTHERS HCA14/2001

The petitioner had sought a writ of habeas corpus stating that her son, the 8th respondent was arrested by the Police on 30.04.2001, at Katugastota and was taken to the Nittambuwa Police Station. Thereafter he was taken to Weerangula Police Station, where he had been badly assaulted in connection with the murder of a Customs Officer. The plaintiff contended that as there was prima facie evidence of an infringement or imminent infringement of a fundamental right the matter should be referred to the Supreme Court to determine that matter. Thus…

Read More