අත්අඩංගුවේ ඝාතන ‘පොලිස්පති මනුෂ්‍ය ඝාතනවලට අනුබල දීමක්’

අත් අඩංගුවේ ඝාතන 'පොලිස්පති මනුෂ්‍ය ඝාතනවලට අනුබල දීමක්'

නිලයේ වගකීම පැහැරහරිමින් මනුෂ්‍ය ඝාතනයක් සදහා ආධාර අනුබල ලබාදුන් බවට ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම් සභාව හමුවේ චෝදනාවට ලක්ව සිටී. රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත්, එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා ඝාතනය කර තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි. දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම නිසා බියට පත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර…

Read More