පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!

රටක නීතියේ පාලනය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා ස්ථාපිත ප්‍රධානතම ආයතනය පොලීසියයි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමද පුද්ගල නිදහස සමාජය තුළ ස්ථාපනය කර පවත්වාගෙන යාමද පොලීසියේ ප්‍රධාන කාර්‍යයන් ය. එහෙත් එවන් අරමුණකින් ක්‍රියාත්මක වියයුතු පොලීසිය තුළින්ද නිතර නිතර මිනිසුන් වධහිංසාවන්ට පාත්‍ර කිරීම් ද ඝාතනයන් ද වාර්තා වෙයි. වැටත් නියරත් ගොයන් කානම් කාට කියන්න ද ඒ දුක කියා නොසිට මෙම පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳව අප අපගේ හඬ අවධිකළ යුතුය. පුරවැසියාට තවතවත් ලංවූ පොලීසියක් හදාගැනීමට මෙම සංවාදය සහ අපගේ හඬ අවධි කිරීම අත්‍යාවශ්‍යය. පොලිසිය විසින් සිදුකරන නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම…

Read More

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!

කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය කරනු ලැබූ ලසන්ත ජගත් කුමාරට යුක්තිය ඉටුකරගැනීම අරඹයා මෙම නඩුව තවමත් ඇසෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ ප්‍රධාන චූදිතයා කවුද? ඔහු එවක පයියාගල පොලීසියේ අපරාධ අංශය භාරව සිටි ස්ථානාධිපතිවරයා ය. නම වල්පොලගෙදර ප්‍රසන්න වික්‍රමරත්න. 2000 අවුරුද්දේ ජුනි 12 වැනිදා ප්‍රසන්න වික්‍රමරත්න ප්‍රමුඛ පයියාගල පොලිස් කණ්ඩායම ලසන්තව අත්අඩංගුවට ගන්නේ ඔහු හමුදාවෙන් පැන ආ පුද්ගලයෙක් යැයි කියමින් ය.…

Read More