වදහිංසනය නැතුවම බැරිද? 2019

වදහිංසාව ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් නීතිය සහ අපරාධ නීතිය තූළින් බරපතල වරදක් බව පිිිිිළිගෙන ඇත. එසේ වුවත් වදහිංසාව අප රාජ්‍යය පද්ධතිය තූළ මෙන්ම  ජන සමාජය තූළත් නැතිව බැරි උපකරණයක් බවට පත් වී තිිිිිබේ. එහෙයින් වධහිංසාව යන මාතෘකාව පිළිිිබඳ පුළුල් අවබෝධයක් සහ අවධානයක් ඇති කිරීම උදෙසා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන් විසින් මේ පිළිබඳ  පළ කරනු ලැබූ අදහස්වල සංක්ෂිප්ත සටහන් මෙහි ඇතුළත් කර තිබ‌ේ. සම්පූර්ණ ප්‍රකාශනය මෙතැනින් කියවන්න>>  

Read More

අරගලයට යුක්තිය, 2019 නීතිඥ දුලාන් දසනායක

අරගලයට යුක්තිය: වියරු මර්ධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිතුරු මැයෙන් නීතිඥ දුලාන් දසනායක මහතා විසින් රචිත පර්යේෂණය 2019 දි ප්‍රකාශනයට පත් විය. විශේෂයෙන් ම එහිදී අවධානය යොමු කරන ලද්දේ  ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය වීමේ වැදගත්කම සහ ඒකාධිපති පාලනය හේතුවෙන් වර්ධනය වන මිනිස් අයිතීන් සීමා වීමත්,  ලාංකීය සමාජ සංදර්භය බලය පිලිබද නව මානයකට 2015 දී ගමන් කල බවත් එයින් වර්ධනය වූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය මානව අයිතීන් රැක ගැනීම විෂයෙහි මහත් පිටිවහලක් විය.  2015 බල පෙරලිය සමග ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළින් පුලුල්  වූ සිවිල්  සමාජය වඩාත් සක්‍රිය ලෙස වදහිංසාවට එරෙහිව කටයුතු කරන ලදි. පොලිස් වදහිංසාවට එරෙහි …

Read More

ප්‍රමාද වී ලැබුණු යුක්තිය. නිතීඥ උපේන්ද්‍රා ගුණසේකර, 2019

මර්වින් පෙරේරා මහතා අත්තඩංගුවට පත් වන්නේ නීති විරෝධී අකාරයටය. වත්තල ප්‍රදේශයේ ජීවත් වූ ඔහු අත්තඩංගුවට ගෙනවත්තල පොලිසිය මගින් වදබන්දනයන්ට ලක්වනවා. නමුත් අත්තඩංගුවට පත්වන දිනයේ රාත්‍රියේදි තමන් අත්තඩංගුවට ගෙන වදහිංසාවට ලක්කර ඇත්තේ වැරදි පුද්ගලයකුට බවය. ⁣ පසුව රෝහල් ගත කරන ජෙරාඩ් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයහි පැමිණිල්ලක් ඉදිරිපත් කරන අතර එහිදී ඔහුගේ මූලික අයිතීන් කඩවී ඇති බව අධිකරණය දැනුම් දීමත්, වන්දි මුදල් ගෙවීමට පොලීසියට සිදුවීමය. නමුත් 2004 නොවැම්බර් 21 දින ජෙරාඩ් පෙරේරා ඝාතනය වන අතර එයට වැරදිකරුවා වන්නේ 2002 දි ඔහුට පහර දුන් නිළධාරීයාවමය. සම්පූර්ණ ප්‍රකාශනය මෙතැනින් කියවන්න

Read More

CAT” අහසින් මහ පොලොවට; පුබුදු රන්දිම 2018

අහසින් මහ පොලොවට ( වදහිංසාවට එරෙහි කමිටුවේ නිර්දේශ සහ ශ්‍රී ලංකාව) යන මැයෙන් ජනගත කර ඇති කෘතිය පුබුදු රන්දිම විසින් රචිත රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය හි ප්‍රකාශනයකි. 2011 වසරෙ සිට රයිට් ටු ලයිෆ් සංවිධානය තවත් සංවිධාන 09ක් සමග එක්ව ඉහත කමිටුව සදහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා වදහිංසාව පිලිබද විකල්ප වාර්තා ඉදිරිපත් කර තිබිණි. මෙම ප්‍රකාශනයෙහි ජනතා අතට පත් කිරීමට අදහස් කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ මෙම යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වන ආකාරය පිලිබදව සහ ඔවුන්ගේ නිර්දේශ පිළිබදවත් යම් මූලික අවබෝධයක් ලබා දීමේ අරමුණිනි. මෙහි දෙමල පරිවර්තනයක් ද සහිතය. සම්පූර්ණ ප්‍රකාශනය…

Read More

ජයග්‍රාහී නඩු තීන්දු 05ක්. ප්‍රකාශනය- රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය.

නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා විසින් රචිත මෙම කෘතියෙහි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් මැදිහත් වී නීති ආධාර ආදිය ලබා දුන්, සහ ජයග්‍රහනය කරන ලද නඩු තීන්දු 05ක් ගැන මෙහි දැක්වේ. මේවා සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ සහ වදහිංසාව පිලිබද කතිකාවතක් ඇති කරවීමට සමත් වූ නඩු තීන්දුය. මෙහි අන්තර්ගත නඩු වන්නේ, 01. ගුරුවරයෙකුට පහර දී දත් ගැලවූ හක්මණ පොලිස් වදහිංසාව නඩුව 2. තරුණයකුට ඇසක් අහිමි කල පිටබැද්දර පොලිසිය. 03. නම් පටලැවිල්ලකින් ජිවිතයක් බිලිගත් වත්තල පොලිසිය 04. කටුනායක ජාත්‍යත්තර ⁣ගුවන්තොටුපලේ ස්ත්‍රී දූෂණය. 05. බදුල්ල, කන්දකැටිය සදුන් මාලිංග ඝාතනය. මෙහි සම්පූර්ණ…

Read More

පොලීසිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ 2015. වසන්ත රනිල් විසිනි.

ශ්‍රී ලංකාවේ පොලිසිය ඇතුලුව මානව හිමිකම් ආරක්ෂාව සදහා ඇති යාන්ත්‍රණය පිලිබදව අවධානයක් මෙහිදී යොමු කෙරේ. විශේෂයෙන් ම මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා පොලීසියේ කාර්භාරය පිළිබදව ඉතා දිගු හා විශ්ලේෂණාත්මක විග්‍රයක් මෙහි වේ. පොලිසියේ හි ඓතිහාසික විකාශනය හා නූතන තත්වය දක්වා විකාශනයට බලපාන ලද ප්‍රතිසංස්කරණ පිලිබදවත්, එමෙන්ම පොලිසිය පිළිබදව පොලිස් නිළධාරීන්ට හා මහජන ආකල්පයත් මෙහි විස්තර කර ඇත. අපරාධ නීති⁣යෙහි සංශෝධනයන් හා නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් පොලීසියේ කාර්යය පිලිබද විග්‍රයක් මෙහි වේ. සම්පූර්ණ ප්‍රකාශනය

Read More