රීටා සිට ඉෂාලිනී දක්වා යුක්තිය ඉටු වීමට නම් – නීතිඥ සුරේන් ඩී පෙරේරා

රීටා සිට ඉෂාලිනී දක්වා යුක්තිය ඉටු වීමට
Facebooktwitterlinkedinrssyoutube

ඉෂාලිනීට යුක්තිය ඉටුකිරීම පිළිබඳ වන සමාජ කතිකාව තුළ, ඇය පෞද්ගලිකව මුහුණ දුන් අපරාධයන්ට යුක්තිය ඉටුවීම මෙන්ම එයින් ඔබ්බට ගොස් වතුකරයේ වීම හේතුකොටගෙනම දරුවන් ගොදුරුවන අපරාධයන්ට යුක්තිය ඉටු කිරීම ද සංකේතවත් කෙරේ. වතුකරයේ දරුවන්ට එරෙහිව ඉතා සුලබව සිදුවන බව පෙනෙන්නට තිබෙන ළමා මෙහෙකාර සේවය, ළමා අපයෝජන, ළමයින් තැරැව්කරණය, ළමා හිංසනය මෙන්ම ළමයින්ට අධ්යාඉපනය අහිමිවීම ආදියටද විසඳුම් සෙවීමට ‘ඉෂාලිනීගේ යුක්තිය’ බලකරමින් තිබේ.

ඉෂාලිනී පිළිබඳ කතාව කරලියට එන්නට වසර 20කට පෙර, එනම් 2001 දී තලවකැලේ රීටා නම් දැරිය මෙවැනිම වූ දරුණු අපරාධයක ගොදුරක් බවට පත්විය. ඇය ද වතුකරයේ දමිළ දැරියකි. 2001 අගෝස්තු මස 12 වන දින රීටා නම් වු 16 වියැති දැරිය තලවකැලේ සාන්ත පැට්රිික් දේවස්ථානයේ පන්තියක් නිම වී පයින්ම නිවස බලා එමින් සිටියාය. මහ මගදී ඇයව බලහත්කාරයෙන් වෑන් රථයකට දමා ගන්නා පුද්ගලයින් දෙදෙනෙක් ඇයව සමූහ දූෂණයකට ලක් කොට නැවතත් ප්රීධාන මාර්ගය දෙසට රැගෙන විත් ධාවනය වන රථයෙන්ම ඇයව පාරට තල්ලු කර දමා යයි. ඇය තුවාල සහිතව කෙතරම් ශාරීරික හා මානසික වේදනාවක සිටියද එම මොහොතේම කෙසේ හෝ ළඟම පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් සිදු කොට පොලිස් නිලධාරීන් සමග එම විත්තිකරුවන් සොයා ගොස් විමර්ශනයටද සහය දැක්වීමට තරම් නිර්භීත වුවාය. මෙම අපරාධයට වගකිව යුත්තන් ද දමිළ හා මුස්ලිම් තරුණයින් දෙදෙනෙකු වූ අතර ඔවුන් වතුකරයේ දමිළ ජනතාවට යම් ස්ථරයක් ඉහළින් සිටි පුද්ගලයින් වු බැවින් මෙම දැරිය තමන්ට සිදු වූ අපරාධය පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් කොට වසර 20කට අධික කාලයක් යුක්තිය වෙනුවෙන් සටන් කරනු ඇතැයි ඔවුන් නොසිතන්නට ඇත.

මෙවන් වු සමාජ අසාධාරණයන්ට විරුද්ධව යුක්තිය සොයන වින්දිතයන්ට සහය වන සිවිල් සමාජ ව්යාකපාරයන් හි ඇති වැදගත්කම මෙම සිද්ධියේ රීටා දැරිය වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට පෙරමුණ ගත් නන්දන මනතුංග පියතුමා ප්රමමුඛ මහනුවර මානව හිමිකම් කාර්යාලයේ භූමිකාව දෙස බැලීමේ දී මනාව අවබෝධ කර ගත හැක. 2001 අගෝස්තු මස 26 වන දින හැටන් නගරයේ දී කතෝලික හා බෞද්ධ ආගමික නායකයින්ගේ ප්ර ධානත්වයෙන් යුතුව 300ක පමණ ජනතාවකගේ සහභාගීත්වයෙන් රීටා දැරියගේ සිදුවීමට එරෙහි උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට නන්දන මනතුංග පියතුමා සමත් වන අතර එය මෙම අපරාධ නඩුව කෙරෙහි යම් ජනතා අවධානයක් ලබා ගැනීමට එකල ඉවහල් විය. 2001 අගෝස්තු 28 දින පැවති නඩු වාරයෙන් අනතුරුව නන්දන මනංතුංග පියතුමා ප්රපමුඛ කණ්ඩායම රීටා දැරියගේ ආරක්ෂාව සඳහා මහනුවර ප්රධදේශයට රැගෙන එන ලද අතර ඇය 2003 වර්ෂයේදී සාමාන්ය පෙළ විභාගයට මුහුණ දෙන තෙක්ම එම කණ්ඩායමේ සහය ඇතිව පේරාදෙණියේ කන්යාාරාමයක සිට පේරාදෙණිය දමිළ මහා විද්යාාලයට පාසල් යන ලදී. සාමාන්යය පෙළින් පසු ඇයට වෘත්තීමය පාඨමාලාවක් හැදෑරීමට මහනුවර මානව හිමිකම් කාර්යාලය සහය ලබා දෙන ලද අතර අනතුරුව ඇය රැකියා කිහිපයකම යෙදී අවසන් වශයෙන් නිදහස් වෙළෙඳ කලාපයේද රැකියාවක් කරන ලදී. මෙම කාල වකවානුව තුළ මහනුවර මානව හිමිකම් කාර්යාලය, ඇයව විවිධ නේවාසික ස්ථාන 20ක පමණ රඳවා ඇති අතර මේ වන විට ඇයට ස්ථීර නිවසක් ලබා දීමටද කටයුතු කර ඇත.

පසුගිය වසර 20ක කාල සීමා තුළ රීටා නිරතුරුවම දිසා අධිකරණයේ හා මහාධිකරණයේ නඩු කටයුතුවලට සහභාගී වන සෑම අවස්ථාවකදීම ඇයට මහනුවර සිට නුවරඑළිය බලා යාමට ප්රනවාහන පහසුකම් සහ අධිකරණ භූමියේ ඇයව තනි නොකරමින් ඇයගේ සහයට අධිකරණයට යාමට සහයක කණ්ඩායම්ද නීතිඥ සහය ද මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් ලබා දී ඇත. තවද මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් ආසියනු මානව හිමිකම් කොමිසම සමග සම්බන්ධ වෙමින් රීටා මුහුණ දුන් මෙම අපරාධ සිදුවීම පිළිබඳව ජාත්ය න්තර සංවිධානවල අවධානය ලබා ගැනීමටද කටයුතු කළේය. ඒ අනුව එක් අවස්ථාවකදී හිටපු ජනාධිපතිනිය චන්ද්රි කා කුමාරණතුංග මැතිනිය මෙම අපරාධ සිදුවීම පිළිබඳ නව විමර්ශනයක් ආරම්භ කිරීමටද නියෝගයක් ලබා දී ඇත.

එවන් පසුබිමක් තුළ රීටා, යුක්තිය උදෙසා අරගල කළ විසි වසරක කාලය පුරාවටම ඇය සමගම රැඳි සිටිමින් අධිකරණ කාර්යන් අධීක්ෂණය කරමින් :ජදමරඑ පදබසඑදරසබට* නීතිඥ සහන, මනෝ වෛද්යි උපදේශන, ආරක්ෂාව, වෘත්තීය පුහුණුව, නේවාසික පහසුකම්ද ඇතුළුව අනෙකුත් අවශ්ය සියලුම සහයෝගයන් ලබා දීමට නන්දන මනතුංග පියතුමා ප්රතමුඛව මෙම කණ්ඩායම සමත් විය.
රීටා පිළිබඳ සිදුවීමෙන් වසර 20කට පසුව වතුකරයේම දැරියක් වන ඉෂාලිනී වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට සහය දෙන මහනුවර මානව හිමිකම් කාර්යාල වැනි සිවිල් සමාජ ව්යාිපාරයන්හි භූමිකාව සමාජයට ඉතාම වැදගත් වන්නේ කාලයත් සමග මහජන කතිකාවත හා ජනතා අවධානය මෙම සිදුවීමෙන් ගිලිහී ගිය පසුවත් ඉෂාලිනීට යුක්තිය ඉටු කරවා ගැනීමට ඉලක්කගතව වැඩ කරන ජනතා ව්යාුපාරයක් පැවතිය යුතු නිසාවෙනි.

‘ඉෂාලිනීගේ යුක්තිය’ හුදු දේශපාලනඥයකු සම්බන්ධ අපරාධයක්, යන්නෙන් ඔබ්බට ගෙන ගොස් එම සිදුවීමට පාදක වී ඇති වතුකරයේ ජනතාව මුහුණ දෙන ගැටලු ඇතුළු, ළමා තැරැව්කරණය ළමා මෙහෙකාර සේවය ආදී සැබෑ ප්රඇශ්න ජනගත කිරීමට මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් ඉෂාලිනී දැරියගේ දෙමාපියන් සහභාගී කර ගෙන මාධ්යත සාකච්ඡාවක් පවත්වන ලදී. මේ අනුව මිනිසුන්ගේ සැබෑ ප්රරශ්න දේශපාලනීකරණය වීමෙන් මුදවා ගෙන එම ප්රිශ්නවලට ලබාදිය යුතු නිසි සමාජ අවධානය ලබා දීමට කටයුතු කිරීම ද සිවිල් සමාජ ක්රිපයාකාරීත්වයේ වගකීමකි.

2001 වර්ෂයේ දී ආරම්භ වු වතුකරයේ රීටා දැරියගේ යුක්තිය සඳහා වන අරගලයට දැන් වසර 20කි. ඇයට සිදු වු ආසාධාරණය සම්බන්ධයෙන් වන අපරාධ නඩුවේ තීන්දුව 2015 දෙසැම්බර් 28 වන දින නුවරඑළිය මහාධිකරණය විසින් විත්තිකරුවන් වරදකරුවන් කරමින් ලබා දෙන ලද නමුත් අභියාචනාධිකරණය විසින් අභියාචනයේදී ජූරි සභාවක් අවශ්යබද යන්න විත්තිකරුන්ගෙන් විමසා නොතිබීම මත එම නඩුව නැවත විභාගය සඳහා නුවරඑළිය මහාධිකරණයට යොමු කොට දැනට නඩුව මුල සිටි විභාග කිරීම ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතී. රීටා, මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සහය ඇතිව පවරන ලද සිවිල් නඩුවේ තීන්දුව 2021 ජුලි 30වන දින රීටාගේ වාසියට ලබා දෙන ලද අතර විත්තිකරුවන් දෙදෙනාට ලක්ෂ 8ක මුදලක් ඇය හට ගෙවීමට නියම කර ඇත.

මෙම 20 වසරක කාලය පුරාවටම මහනුවර නන්දන මනතුංග පියතුමා ඇතුළු මහනුවර මානව හිමිකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයත්, සහයක කණ්ඩායමත් නීතිඥ සුරගිකා රණවීර ඇතුළු නීතිඥයන් මෙන්ම රීටා ද යුක්තිය උදෙසා කරන ලද අරගලය තුළ ඇති වැදගත්ම සංඥව වන්නේ යුක්තිය පසිඳලීමට අධික කාලයක් ගත වීමෙන් පවා, අඩපණ වී ඇති අධිකරණ පද්ධතිය තුළ යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙන් අඛණ්ඩව රැඳී සිටීමයි. බොහෝ විට වරද පිළිගැනීමෙන් හා සමථයන්ට එළැඹීමෙන් අවසන් වන නඩුවලින්, නඩත්තුවන අධිකරණ පද්ධතියක, යුක්තිය ලබා ගැනීම සඳහා නඩු කියමින් ඉදිරියටම යන වින්දිතයකුගේ ඉරණම විසඳෙන ආකාරය හා ඊට කවර කාලයක් ගත වන්නේ දැයි දැන ගැනීමට, කවර හෝ වින්දියකු නඩු කීම අත්යාාවශ්යර වේ. කෙසේ වුවත් බාහිර සහායක් නොමැතිව වින්දිතයෙකුට තනිව නඩු කීම අපගේ අධිකරණ ක්රිකයාවලිය තුළ පහසු කාර්යයක් නොවේ.

වර්තමාන ශ්රීද ලංකාව තුළ කුමන හෝ අරමුණක් වෙනුවෙන් වසර 20ක් වැඩ කටයුතු කරන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සොයා ගැනීම උගහටය. රාජ්යණ ප්ර තිපත්තියක් හෝ වසර 6කට වඩා පැවතීම මෙරට දුලබ අත්දැකීමකි. එසේ වන කල, ළමා අපරාධ වින්දිතයකු තමන්ට යුක්තිය ඉටු කරවා ගැනීම පිළිබඳ අරගලයක වසර 20ක් රඳා සිටීම විරලය. එම යුක්තිය පිළිබඳ කාරණය මෙවැනි වින්දිතයින් හා ඔවුන්ට සහය වන සිවිල් සමාජ ව්යාකපාරයන්හි නොපසු බට උත්සහය මත රැඳී පවතී. ඉෂාලිනීට යුක්තිය ඉටු කරවා ගැනීම උදෙසා සිවිල් සමාජ ව්යායපරයන්හි කාර්ය භාරය අතිශය වැදගත් වන්නේ එනිසාමය.

#601 වැනි සමබිම අතිරේකයට නීතිඥ සුරේන් ඩී පෙරේරා ලියන ලද ලිපියකි.

Social Sharing

Related posts