අරගලයට යුක්තිය, 2019 නීතිඥ දුලාන් දසනායක

අරගලයට යුක්තිය: වියරු මර්ධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිතුරු මැයෙන් නීතිඥ දුලාන් දසනායක මහතා විසින් රචිත පර්යේෂණය 2019 දි ප්‍රකාශනයට පත් විය. විශේෂයෙන් ම එහිදී අවධානය යොමු කරන ලද්දේ  ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය වීමේ වැදගත්කම සහ ඒකාධිපති පාලනය හේතුවෙන් වර්ධනය වන මිනිස් අයිතීන් සීමා වීමත්,  ලාංකීය සමාජ සංදර්භය බලය පිලිබද නව මානයකට 2015 දී ගමන් කල බවත් එයින් වර්ධනය වූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය මානව අයිතීන් රැක ගැනීම විෂයෙහි මහත් පිටිවහලක් විය.  2015 බල පෙරලිය සමග ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළින් පුලුල්  වූ සිවිල්  සමාජය වඩාත් සක්‍රිය ලෙස වදහිංසාවට එරෙහිව කටයුතු කරන ලදි. පොලිස් වදහිංසාවට එරෙහි  ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දුන් නඩු තීන්දු අලලා මෙකී  පර්යේෂණය සිදු කරන ලදි.

කටුනායක නිදහස් වෙළද කලාපයේ පැවති ජන අරගලය මර්ධනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් උල්ලංඝණය වූ මානව අයිතීන් පිලිබදව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 13ක් ඉදිරිපත් කෙරිනි. වසර කීපයකට පසුව එහි වින්දිතයන්ට සාධාරණයක් කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

සම්පූර්ණ වාර්තාව

Social Sharing

Related posts

Leave a Comment

CAPTCHA